Ticker

6/recent/ticker-posts

2025 කාන්තා ලෝක කුසලානයේ තරග රැසක් 'වැස්සට හේදී ගියේ' කාගේ වරදින් ද?


ලෝක කුසලානයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වසර 4ක් බලා සිටිය ද, ශ්‍රී ලංකාවේ තරගවලට සහභාගි වන කණ්ඩායම් රැසකට මේ වන විට සිදුව ඇත්තේ ක්‍රීඩා කිරීමට නොව වැස්ස දෙස බලා සිටීමට ය.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 9න් 5කට මේ වන විට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබේ. දැනට තරග තුනක් ඩක්වත් සහ ලුවිස් ක්‍රමවේදය ඔස්සේ නිමාවට පත්වූ අතර, තරග 4ක් ම ජය පරාජයෙන් තොරව අවසන් විය.

එංගලන්තයේ හිටපු දඟ පන්දු යවන්නියක වූ ඇලෙක්ස් හාර්ට්ලි පවසන්නේ, වැසි තත්ත්වය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය "විනාශ" කර ඇති බව ය.

"මේ ලෝක කුසලානය විනාශ කළා - ඒක ඇත්තට ම ලැජ්ජාවක්," බීබීසී රේඩියෝ 5 ලයිව් වැඩසටහනට එක්වෙමින් ඇය ප්‍රකාශ කළා ය.


තරග 5කට වැස්සෙන් බලපෑම්

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති තරග 5න් 4ක් ම අවසන් ප්‍රතිඵලයකින් තොරව අත්හැර දැමීමට සිදුවූ අතර, ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙක අතර බෙදී ගියේ ය.


 

Post a Comment

0 Comments