Ticker

6/recent/ticker-posts

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගත් අලුත්ම තීරණය ? පාපන්දු ක්‍රිඩා ලෝලීන්ට දුක් බර පුවතක්


සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලබන වසරේ FIFA ලෝක කුසලානය ඔහුගේ අවසන් තරඟාවලිය බව නිවේදනය කර තිබෙනවා.



එමෙන්ම වසරක් හෝ දෙකක් තුළ පාපන්දු ක්‍රීඩාවෙන්ද විශ්‍රාම ගන්නා බවයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසා ඇත්තේ. ඔහුගේ මෙම තීරණය ලෝකයේ පාපන්දු ක්‍රිඩා ලෝලීන් හට දුක් බර පුවතක් වුණා.

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන 40 හැවිරිදි රොනාල්ඩෝ ක්‍රීඩා සමාජ සහ ජාත්‍යන්තර තරගවලදී ගෝල 950කට වඩා රැස්කර ගෙන තිබෙනවා. සෞදි අරාබියේ දී පැවති මාධ්‍යට හමුවකට එක් වෙමින් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වෙලා තියෙන්නේ.

අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝවේ පැවැත්වෙන 2026 තරඟාවලියට පෘතුගාලය තවමත් සුදුසුකම් ලබා නොමැති නමුත් බ්‍රහස්පතින්දා අයර්ලන්තය පරාජය කළහොත් ඔවුන්ට තම ස්ථානය තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

 

Post a Comment

0 Comments