Ticker

6/recent/ticker-posts

ඊශ්‍රායලයේ දී ජීවිතය අහිමි වූ තරිඳු ගැන ඇහෙන අලුත්ම කතාව


ඊශ්‍රායලයේ දී ගෙළ කපා ඝාතනයට ලක් වූ බව කියන තරිඳු ශානකගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගෙන් ටෙල් අවිව්හි සලාමේ පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන්කර ගෙන ඇති බවට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලය තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඝාතනයට ලක් සු තරිඳු ශානක සමඟ එකට සේවය කරන සහ අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගෙන් මෙලෙස සාක්ෂි සහ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන්.

මේ අතර මෙම ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවයි නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර ඝාතනය ලක් වූ තරිඳු ශානකගේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් බරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් ලිඛිත අවසරයක් එරට පොලිසිය විසින් ඉල්ලා සිටි බව සඳහන් කළ තානාපතිවරයා එම අවසරය අද (16) දිනයේ දී බොහෝ දුරට ලැබෙනු ඇති බව ද සඳහන් කර සිටියා.


ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇතුළු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඔවුන්ගේ නවාතැන ආසන්නයේ ඇති උද්‍යානයේ සිද්ධිය සිදු වූ දින රාත්‍රී 11.00 පමණ මත්පැන් පානය කොට ඇති බවයි තානාපතිවරයා පැවසවේ.


එම අවස්ථාවේ දී තරිඳු ශානක ශාරීරික අවශ්‍යතාවක් සඳහා උද්‍යානයේ සීමාවට ගොස් සිටිය දී තවත් අයෙකු හා ගැටුමක් ඇති කරගත් හඬ ඇසුණු බවත්, තමන් යළි නවාතැනට පැමිණ ශ්‍රී ලාංකික මිතුරන් කැඳවාගෙන පැමිණි අවස්ථාවේ තරිඳු ශානකගේ ගෙළකපා මරා දමා සිටින අයුරු දුටු බවත් ශ්‍රී ලාංකිකයෙකු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.


මෙලෙස ඝාතනයට ලක්වූ තරිඳු ශානක ගාල්ල, බටපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේ ඉදිකිරීම් සේවා සඳහා ඊශ්‍රායලයේ රැකියාවකට පැමිණ තිබෙනවා.


 

Post a Comment

0 Comments