Ticker

6/recent/ticker-posts

තලාවේ මාරක බස් රථ අනතුරට හේතූව හෙළිවෙයි



පාසල් සිසුවෙකුට දිවි අහිමි කරමින් තවත් මගීන් 40ට ආසන්න පිරිසකට බරපතළ සහ සුළු තුවාල ගෙන දෙමින් තලාව ජයගඟ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනවිය විසින් නියෝග කර තිබේ.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රිය සහායකවරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. 


පෙරේදා (10) දහවල් 12.00ට පමණ ජයගඟ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ මෙම බස් රථ අනතුරින් 52 දෙනෙකු තුවාල ලැබීය.


ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියකට ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබේ.

මේ බිහිසුණු අනතුරින් තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු දිල්ෂාන් නැමැති තලාව ජාතික පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණි.


පසිඳුගේ මව හැඬූ කඳුළින් “ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ…වෙනදා උදේම නැඟිටින කොල්ලා අද තාම ආවේ නෑ කුස්සියට. අම්මා මම යනවා කියලා මට වැඳලා ගිය කොල්ලා ආය ආවේ නෑනේ ගෙදර…” යැයි පැවසීය.


 

Post a Comment

0 Comments