Ticker

6/recent/ticker-posts

ඔහු වෛද්‍යවරයෙක්ලු.. නවදිල්ලියම කැළඹූ බෝම්බ ප්‍රහාරය ගැන මෙන්න වෙනස් ආරංචියක්..


මේ සිද්ධිය ගැන දැනටත් විවිධ පැතිවලින් පර්‍යේෂණ ක්‍රියාත්මක වන පසුබිමක මේ ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්.


ඇත්තටම මෙහෙම ප්‍රහාරයක් සිදුකරන්නට ප්‍රථම ඒ ගැන කිසිවෙක් දැන නොසිටියේ ඇයි..?


කොහොම වුණත් දැන් මේ සිද්ධිය ගැන පර්‍යේෂණ ක්‍රියාත්මකයි.

නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතිනවා. ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනාගැනීමට හැකිවුණු බවත්, බෝම්බකරු මුස්ලිම් වෛද්‍යවරයෙකු බවත් ඉන්දීය ආරක්ෂක අංශ සවස පැවසුවා.

මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත්තේ, ආරක්ෂක කැමරා දසුන් අනුවයි. බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් නමැති වෛද්‍යවරයා බව ද ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබෙනවා.

උමාර් මොහොමඩ්, 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත් ජම්මු - කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති බවත් ආරක්ෂක අංශ අනාවරණය වැඩිදුරටත් පවසා තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ පුපුරා ගිය එම කාර් බෝම්බ ප්‍රහාරයෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 20 ක් තුවාල ලැබුවා.

බෝම්බය පුපුරා ගියේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ මෙට්‍රො දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේයි.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැති නමුත්, එය පාකිස්තාන රජයේ සහාය ලබන ජයිෂ් මොහොමද් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියේ ම්ලේච්ඡ ක්‍රියාවක් යැයි සැක කෙරෙනවා. කාර් බෝම්බ ප්‍රහාරයෙන් පසු නවදිල්ලි අගනුවර පමණක් නොව. ඉන්දියාවේ සෙසු ප්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කර ඇතැයි ද පැවසෙනවා.

කාර් බෝම්බ පිපිරීමට පැය කීපයකට පෙර, ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුනු තොරතුරු අනුව, ආරක්ෂක අංශ ජම්මු - කාශ්මීරයේ සිදු කළ වැටලීම් කීපයකින්, පයිෂ් වී මොහොමද් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ යැයි සැක පිට වෛද්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් වී තිබුණා. ඔවුන් දෙදෙනා වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල්යි.

ප්‍රශ්න කිරීම්වලදී වෛද්‍ය රාදර් සහ වෛද්‍ය ෂකීල් දෙදෙනාගෙන් ලැබුණු තොරතුරු අනුව, නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් හර්යානා ප්‍රාන්තයේ ෆරිදාබාද් නගරයේ කුලී නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900 ක් සොයා ගැනුණා.

වෛද්‍ය උමාර් මොහොමඩ් ද මොවුන්ගේ සගයකු යැයි ආරක්ෂක අංශ විශ්වාස කරනවා. වෛද්‍ය රාදර් සහ වෛද්‍ය ෂකීල් අත්අඩංගුවට ගනිද්දී, වෛද්‍ය උමාර් මොහොමඩ් බියට සහ කලබලයට පත් වී නවදිල්ලියට පැමිණ කාර් බෝම්බය පුපුරුවා ගන්න ඇතැයි ද පැවසෙනවා.

 

Post a Comment

0 Comments