Ticker

6/recent/ticker-posts

ටීචර් අම්මාට නයිට් පදවියක් පිරිනමලා


 ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේෂිකා ප්‍රනාන්දුට නොවැම්බර් 15 වනදා ගල්කිස්සේ පිහිටි හෝටලයක පැවති උත්සවයකදී නයිට් ගෞරව පදවියක් පිරිනැමූ බව ඇය සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

“International Graduation & Knights Investiture Awards Ceremony – 2025” උත්සවය පසුගිය සෙනසුරාදා (15) කොළඹ මවුන්ට් ලැවේනියා හෝටලයේදී (Mount Lavinia Hotel) පැවැත්වුණා.

ඊට අදාළ ඡායාරූප ඇය ප්‍රසිද්ධ කිරීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ ඇයව දැඩිව හාස්‍යයට ලක් කර තිබුණා.

කෙසේවෙතත්, මේ වන විට ඇයගේ ගිණුමෙන් පළ කළ එම ඡායාරූප සහ පෝස්ටුව ඉවත් කරගෙන තිබෙනවා.

Knights of the British Empire – UK යනු එක්සත් රාජධානියේ නිල රාජකීය සම්මාන ක්‍රමයේ කොටසක් නොවන, පුද්ගලික සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි වූ ස්වාධීන ආයතනයකි.

ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු මහත්මියට හිමි වූ මෙම ගෞරව නාමය බ්‍රිතාන්‍ය රජය විසින් අනුමත කරන ලද නිල රාජකීය නයිට් පදවියක් නොවන අතර ඇයගේ සේවය වෙනුවෙන් පුද්ගලික ආයතනයක් විසින් පිරිනමන ලද ගෞරව පදවියක් වනවා.

බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජිණිය විසින් කලාව, විද්‍යාව, ක්‍රීඩාව හෝ සමාජයට හා රාජ්‍යයට විශේෂ දායකත්වයක් ලබාදුන් පුද්ගලයින් හට නයිට් නාම පිරිනමනු ලබනවා.





 

Post a Comment

0 Comments