Ticker

6/recent/ticker-posts

අයවැයෙන් සහන නෑ.. හෙට GMO වර්ජනයේ.!


 හෙට (17) දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වසරට අදාළ අයවැය මගින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසි ලෙස විසඳීමට අපොහොසත් වීම කෙරෙහි විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ නමුත්, ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තම සංගමය කටයුතු කළ බවයි.

 

Post a Comment

0 Comments