ඉදිරි දින කිහිපයේ තද වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බැවින් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව රතු නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක වන්නේ, මහනුවර දිස්ත්‍රික්කය, කෑගල්ල දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කයයි.
ඊයේ (09) දින සිට ලබන (19) වන දින දක්වා දින 10 තුළ මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එළඹෙන (15) වැනිදා වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුවිය හැකි නමුත් (17) වැනිදාට පසුව නැවත නැගෙනහිර, උතුර, උතුරුමැද පළාත්වල නැවත වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වෙන්න පුළුවන් බවද සඳහන් කරයි.

0 Comments