ඔවුන්ගේ ජීවිතවලට අද අත්ව ඇත්තේ මොන වගේ ඉරණමක්ද..? සියල්ලන්ගේ ජීවිත මොහොතකට නතර කළ තවත් ගම්මානයක ඛේදාන්තයක් ගැනයි මේ කතාව.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මධ්‍යම කඳුකරය බොහෝ ප්‍රදේශ නායයෑමට ලක්වුණා.
ඉකුත් 26 වැනිදා ඇද හැලුණු වර්ෂාවත් සමග වලපනේ මුංවත්ත ගම්මානයට ඉහළින් පිහිටි කන්දක් නායයෑමට ලක්වුණේ ගමම පස් ගොඩක් බවට පත්කරමින්.
නායයෑම හේතුවෙන් දින 12කට වැඩි කාලයක් විදුලිය සහ නිසියාකාරයෙන් ජලය නොමැතිව පීඩාවට පත්වී ඇති එම ගම්මානය පිළිබඳව හිරු අපට තොරතුරු වාර්තා වුණා.
එලෙස පීඩාවට පත්ව සිටින වලපනේ මුංවත්ත ගම්මානයේ වත්මන් තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති සොයා බැලුවා.
දින 12කට වැඩි කාලයක් විදුලිය සහ ජලය නොමැතිව පවුල් 40ක පමණ ගම්වැසියන් මේ වන විට පත්ව ඇත්තේ දැඩි පීඩාවටකටයි.
එම ගම්මානයේ සිව් දෙනෙකුද නායයාමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
කිසිවෙකු නොසිතූ නිමේෂයක ගම්මානයට කඩා වැටුණු පස් කන්දට මේ වසරේ පාසැල් යාමට සිටි පුංචි මල් කැකුළක් ද බිලිව තිබෙනවා.
නාය යෑමට ලක්වූ වලපනේ මුංවත්ත ගම්මානය මීට පෙර ද අවස්ථා කිහිපයකදී නායයෑමට ලක්ව තිබෙනවා.
පීඩාවට පත් ගම්වැසියන් මේ වන විට ගමේ විහාරස්ථානයේ පිහිටුවා ඇති ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා.
එමෙන්ම ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජීවිත අවදානමකින් තොරව තමන්ට ජීවත් විය හැකි සුදුසු වාසස්ථානයක් ලබාදෙන ලෙසයි.

0 Comments