Ticker

6/recent/ticker-posts

බස් රථයක් මහ මඟ පෙරළී බිහිසුණු අනතුරක් - මගීන් 14ක් රෝහලට


අද (29 දින උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව ඇත.

ඒ අනුව මෙසේ පෙරළී ඇත්තේ අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් වන බව වාර්තා වේ.

අනතුර සිදු වන අවස්ථාවේ මගීන් 21ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

ඒ අනුව අනතුරින් බස් රථයේ සිටි 14 දෙනෙකු තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මූතූර් රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සේරුනුවර පොලීසිය සිදුකරයි.

 

Post a Comment

0 Comments