අයහපත් කාලගුණයත් එක්ක විවිධ සිදුවීම් දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් කතාවක්..
මේ කතාව ඇහෙන්නේ නිකවරටියෙන්..
මහ වැස්සත් එක්ක ඇතිවුණු ගං වතුරින් නිවසකට අද අලුයම කිඹුලෙකු ඇතුලු වී තිබෙනවා...
අඩි 5ක් පමණ දිග එම කිඹුලා ගං වතුර සමගින් එන්නට ඇතැයි නිවැසියන් විශ්වාස කරන අතර නිදන කාමරයක ඇඳක් යට ඇති අයුරු දැක තිබෙනවා.
කෙසේ වෙතත් පසුව කිඹුලා ගං වතුර සමග ගසා ගෙන ගොස් ඇති බව සදහන්.

0 Comments