Ticker

6/recent/ticker-posts

දිට්වා සුළි කුණාටුවෙන් මාර්කට් එකත් උඩුයටිකුරු වෙලා... එළවළු මිලට මොකද මේ වෙලා තියෙන්නේ.


දිට්වා සුළි කුණාටුවේ බලපෑම දැන් මුළුතැන්ගෙයටත් තදින්ම දැනිලා තියෙන්නේ. වෙනදා සාපේක්ෂව අඩු මිලට තිබුණු පහතරට එළවළු, දැන් උඩරට එළවළු වලටත් වඩා ගණන් උස්සලා කියලා තමයි ආරංචිය.


වම්බටු කිලෝවක් රු. 650 පන්නලා. බණ්ඩක්කා, පතෝල, මෑ කරල් කිලෝවක් රු. 400 - 500 ත් අතර වෙනවා කියලා තමයි සඳහන් වන්නේ. මාළු මිරිස්: කිලෝවක් රු. 1300 යි.බෝංචි කිලෝවක් රු. 1000 සීමාවට ඇවිත්.


හැබැයි කැරට්, ගෝවා, බීට් කන්න බලාගෙන ඉන්න අයට නම් පොඩි සහනයක් තියෙනවා. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසන විදිහට, උඩරට එළවළු වල මිල එච්චරම ඉහළ ගිහින් නැහැ.

"කැරට්, ගෝවා, බීට්, රාබු, ලීක්ස් වගේ ජාති තාමත් රුපියල් 300 - 350 වගේ මට්ටමක පවතින්නේ."

ඊයේ (18) දවසෙත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ 91,510 ක දැවැන්ත ඉල්ලුමක් ලැබිලා තියෙනවා. වාසනාවකට වගේ ගොවීන් සතුව ඕනෑ තරම් අස්වැන්න තියෙන නිසා, උඩරට එළවළු හිඟයක් ඇති වෙන්නේ නැති බවයි වාර්තා වෙන්නේ. 


 

Post a Comment

0 Comments