මේ කෙල්ල අපේ පොලිස් ස්ටේශන් එකට ආවේ,රෑ එකොළහට වගේ මට මතක...නිකන් නිදාගෙන ඉඳලා ආවා වගේ ආවේ..
හැබැයි මේක්අප් ටිකවත් හේදිලා නෑ.ගෑනිගේ ඇස්බැමිත් පාට කරලා තිබුණා මට මතකයි....
මම ඉතින් කලබලේ මොකද්ද ඇහුවම,ඕඅයිසී හම්බෙන්න ඕනි කිව්වා..මම ඕකේ කියලා සර් ගාවට එක්කන් ගියා..ටික වෙලාවකින් සර් මටත් අඬ ගැහුවා..
ප්රශ්නයට ඇත්තටම අපිට කරන්න දෙයක් නැති තරම්..හැබැයි අර කියනවා වගේ,ඒක ටිකක් චාටර් කේස් එකක්..
"සර් මම අද මේ මගේ හනිමූන් එක මඟ දාලා ආවේ..ඒ මිනිහා එක්ක මට ඉන්න බෑ සර්..මම යාලුවෙලා හිටපු කොල්ලා එක්ක එෆෙයා එකඅම්මලා කැඩුවා. පස්සෙ මේ නසරානියාට මාව සෙට් කළා.මුගේ නම නලින්.. තාත්තිගේ හොඳම යාලුවෙක්ගේ පුතෙක්...පොර හෙන සයිලන්ට් ඉන්නෙ.අමරිකාවේලූ කාලයක් හිටියේ.."
"මට විකල්පයක් නැති නිසා මාත් හා කියලා කොල්ලට කැමති වුණා.මේ තියෙන්නෙ සර් මිනිහගේ ෆොටෝ එක..බැලුවම කේස් එකක් නෑ. හැන්ඩියට ඉන්නවා..මටත් එච්චර අවුලක් තිබුණේ නෑ..."
"බැඳලා අපි හනිමූන් ගියේ - - - හොටෙල් එකකට.හැබැයි අයියේ බඳින්න කලින් අපි හම්බුණෙවත් නෑ වැඩිය..ඇත්තටම එයාලා අම්මලා වැඩිය කැමති වුණේ නෑ ඒකට..මාත් එච්චර හිතුවේ නෑ ඒ ගැන.. හැබැයි කතා කරපු දේවල් එක්ක මේ මනුස්සයා ගැන ලොකුවට සැකයක් හිතුණෙත් නෑ.."
"හොටෙල් එකට ආපු හැටියේ, එයා ආසාවෙන් මාව බදාගත්තා.හනිමූන් එක කියන්නෙම සර් කෙල්ලෙක්ගේ ආසම දවසනේ..මම ආසාවෙන් ආවේ මගේ ඇඟ දෙන්න එයාට..මම කොල්ලො කොච්චර එක්ක යාලුවෙලා හිටියත් අපිරිසිදු කෙල්ලක් වෙලා හිටියේ නෑ.."
"ඒත් පස්සෙ දැනගත්තෙ සර්. මිනිහා ගේ (සමලිංගික) කෙනෙක්.මිනිහා ඒක මට කිය කිය ඇඬුවා. ඒ විතරක් නෙවෙයි,අම්මලා පවා මෙයාට මාව හම්බෙන්න නොදී රැකලා තියෙන්නෙඒ සීන් එක නිසාලූ.මෙයා ස්කූල් කාලේ ඉඳන් එක එක කොල්ලො එක්ක සීන් එක දාලා, ඒවා අම්මලත් දන්නවලූ. ඒ අවනම්බුවෙන් බේරෙන්න තමයි මාව කරේ ගහලා තියෙන්නෙ.."
"සර් ඒකා අඬ අඬ මට කියනවා එයාව දාලා යන්න එපාලූ..ඌට පේන්න ස්වංවින්දය කරන්නලූ. ඕනි නම් වෙන මිනිස්සු එක්ක එයාට පේන්න සෙක්ස් කරන්නලූ.මොන අප්පරියා කතාවක් ද සර් ඒක..මම කේන්තිය පිට වෙනකන් ඌට බැනලා සාප කරලා ආවේ..යන්න තැනක් නැති නිසා කෙළින්ම මෙහේ ආවේ.."
(පසුව.....................)
ඔන්න ඕක තමා ගෑනි කියපු කතාව.. ඇත්තටම ඒක අපිව අසරණ කරවපු කතාවක්...මොකද ඇත්තටම ඒක මිනිහාගේ පෞද්ගලික ආසාවක්නේ.ගෑනිට මුකුත් හිංසාවක් වෙලත් නෑ..
කොහොම හරි අපි ශේප් කරලා යැව්වා.පස්සෙ ගෑනි කොහොම හරි ඔය මිනිහගෙන් ගැළවුණා කියලා දැනගන්න ලැබුණා.. දැන් ගෑනි ඉන්නෙත් පිටරටකලූ....

0 Comments