Ticker

6/recent/ticker-posts

මේ දිනවල මුදල් නෝට්ටු භාවිතයේදී කල්පනාවෙන්! පොලිසියෙන් කළ නවතම දැනුම්දීම මෙන්න!


ව්‍යාජ ලෙස මුද්‍ර­ණය කළ මුදල් නෝට්ටු ළඟ එන උත්සව සම­යේදී සංස­ර­ණය විය හැකි බැවින් ඒ සම්බ­න්ධ­යෙන් අව­ධා­න­යෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරි නීති­වේදී උදය කුමාර වුට්ලර් මහතා මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.


ව්‍යාජ මුදල් සංස­ර­ණය පිළි­බඳ පැමි­ණිලි කිහි­ප­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැව­සීය.


රුපි­යල් 5000 නෝට්ටු වැඩි ප්‍රමා­ණ­යක් 2024 වසරේ සහ 2025 වස­රේදී මුද්‍ර­ණය වීම් වාර්තා වී ඇතැ­යිද ඔහු පැව­සීය.


2025 වසරේ දී රුපි­යල් 5,000 ව්‍යාජ නෝට්ටු 535ක් , රුපි­යල් 2000 නෝට්ටු 2ක්, රුපි­යල් 1000 නෝට්ටු 401ක්, රුපි­යල් 500 නෝට්ටු 109ක්, රුපි­යල් 100 නෝට්ටු 4ක් පොලී­සිය විසින් සොයා‍ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැව­සීය. 2024 වසරේ රුපි­යල් 5000ව්‍යාජ නෝට්ටු 596ක්, රුපි­යල් 2000 ව්‍යාජ නෝට්ටු 6ක්, රුපි­යල් 1000 නෝට්ටු 561ක්, රුපි­යල් 500 නෝට්ටු 193ක්, රුපි­යල් 100 නෝට්ටු 3ක් සොයා ගෙන ඇතැ­යිද ඔහු කීය.


“ඔබ දන්නවා බාල, ළමා, මහලු, ආබා­ධිත සිය­ලු­දෙනා හැම­වි­ට­ක­දිම මෙහි වින්දි­ත­යෙක් බවට පත්වෙ­නවා. ඒ හේතු­වෙන් අපි ඉතාම ගෞර­ව­යෙන් මතක් කර සිටි­නවා ඔබට සැක සහිත නෝට්ටු­වක් පිළි­බ­ඳව හිතට දැනු­ණොත් ඒ පිළි­බ­ඳව ළඟම තියෙන පොලිස් ස්ථාන­යට වාර්තා කරන ලෙස…යම් නෝට්ටු­වක යම්කිසි වෙන­සක් තිබේ නම් ඔබ වහාම ක්‍රියා­ත්මක වීම අව­ශ්‍යයි. එහිදී පළ­මු­වෙන්ම කළ යුත්තේ මුදල් නෝට්ටුවේ ඡායා­රූ­ප­යක් ගැනී­මයි.පසුව නෝට්ටුවේ ආර­ක්ෂක දාරය පිළි­බඳ යම්කිසි අව­බෝ­ධ­යක් ලබා­ගත යුතුයි. එහි දිය සල­කු­ණක් දක්නට ලැබෙයි.කෙසේ නමුත් අපේ පළමු පණි­වි­ඩය තමයි සැක සහිත මුදල් නෝට්ටු­වක් ලැබු­ණොත් ඔබ වහාම ක්‍රියා­ත්මක විය යුතුයි…”


 

Post a Comment

0 Comments