රජයේ විභාගයක් පැවැත්වීම සඳහා ගුවන් ධාවන පථයක් යොදාගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔඩීෂා හි ගුවන් ධාවන පථයක් විභාගය පැවැත්වීම සඳහා මෙලෙස යොදාගෙන ඇති බවයි.
ඔඩීෂා හි ග්‍රාම ආරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග විභාගයක් මෙලෙස පවත්වා ඇති අතර, ඒ සඳහා විභාග අපේක්ෂකයින් 8,000 කට වැඩි පිරිසක් පෙනී සිට තිබෙනවා.
මෙලෙස විශාල විභාග අපේක්ෂකයින් සංඛ්‍යාවක් විභාගය වෙනුවෙන් එකවර පෙනී සිටීම හේතුවෙන් මතු වූ ශාලා ගැටලුවට පිලියමක් ලෙස ගුවන් ධාවන පථය විභාගය සඳහා යොදාගැනීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේස හෝ පැදුරු සපයා නොතිබූ බැවින්, අපේක්ෂකයින් විභාගය ලිවීමට ගුවන් පථයේ මතුපිට භාවිත කර ඇති අතර, විභාගය අධීක්ෂණය කිරීමට සහ විභාගය අතරතුර විනය පවත්වා ගැනීමට ඩ්‍රෝන යානා යොදවා තිබූ බව සදහන්.
කෙසේ වෙතත් 8,000කට වැඩි සංඛ්‍යාවක් පෙනී සිටි මෙම විභාගයෙන් තෝරාගනු ලබන්නේ පුරප්පාඩු 187ක් සඳහා පමණක්වීම විශේෂත්වයක්.

0 Comments