සමාජ මාධ්‍ය ජාලාවල නිතරම කතාබහට ලක්වන, ආන්දෝලනාත්මක පුවත් මවන යාපනයේ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කළා කියලා අර්චුන මන්ත්‍රීවරයාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතිනවා. හැබැයි ඊයේ (23) මේ නඩුව කැඳවපු වෙලාවේ මන්ත්‍රීවරයා උසාවියේ පෙනී ඉඳලා නැහැ. ඒ හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ, මන්ත්‍රීවරයාව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරමින් කොටුව පොලිසිය අද උදෑසනම ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් නිතරම උණුසුම් පුවත් මවන අර්චුනා මන්ත්‍රීවරයාගේ මේ අලුත්ම "අත්අඩංගුවට ගැනීම" ගැන දැන් දේශපාලන ලෝකයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.

0 Comments