ආපදාවට පත් ප්‍රදේශවල තොරතුරු ඒකරාශි කිරීම සඳහා කොළඹ 7, මාකස් ප්‍රනාන්දු මාවතේ, විපක්ෂ නායක කාර්යාලයේදී ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආරම්භ කර තිබෙනවා.
ආපදාවට ලක් වූ ප්‍රදේශවල තොරතුරු ග්‍රාම නිලධාරි මට්ටමෙන් ඒකරාශි කිරීම මෙහි මූලික අරමුණයි.
විපතට පත් වූ පිරිස්වලට සෘජුව ම සිය ගැටලු, අවශ්‍යතා මෙම තොරතුරු මධ්‍යස්ථානය වෙත දුරකතන මාර්ගය ඔස්සේ සහ whatsapp ඔස්සේ ලබා දීමට පහසුකම් සලසා තිබෙනවා.
0759 570570, 0761 660570, 0705 699110 තොරතුරු කේන්ද්‍රය වෙත ලැබෙන තොරතුරු අදාළ අංශවලට යොමු කිරීමට කේන්ද්‍රය විසින් කටයුතු යොදා තිබෙන අතර තොරතුරු කේන්ද්‍රය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.

0 Comments