Ticker

6/recent/ticker-posts

දේවාල කමිටු සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි.!


පසුගියදා අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු ගාල්ල දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ‘ලොකු පැටී’ නම් අපරාධකරුගේ පාර්ශවයෙන් තමන්ට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලැබුණු බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.

තමන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බවත් ඒ ඔස්සේ ලොකු පැටී හඳුනාගත් බවත් එම ඝාතනය සඳහා රුපියල් 190,000ක මුදලක් ලබාදුන් බවත් එම මුදලින් අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති මිලදී ගත් බවද සැකකරු පොලීසිය හමුවේ හෙළිකර ඇත.

තවද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ‘මහදුර ඉසුර’ නැමැත්තා විසින් ඝාතනය සිදුකළ දිනයේ තමන් අලුත්ගම, දර්ගා නගරයේදී ඔහු පැමිණි මෝටර් රථයට නංවා ගත් බවද සැකකරු පොලීසිය හමුවේ හෙළිකර ඇත.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු අලුත්ගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබාදී ඇත.


 

Post a Comment

0 Comments