රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීම සඳහා මේ වන විට රටේ බොහෝ පිරිස් සහ සංවිධාන පැසසිය යුතු දායකත්වයක් ලබා දෙමින් පවතියි.
එලෙස දායකත්වය ලබා දෙන දෙස් – විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය ආධාර භාර ගැනීමට රජය විසින් ගිණුම් අංක කිහිපයක් ද හඳුන්වා දී ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා පමණි.
මුල්‍යමය ආධාර භාර ගන්නා වෙනත් සංගමයක හෝ පුද්ගලයකුගේ ගිණුම් අංක සඳහා මෙම අමාත්‍යාංශය එකඟතාවක් හෝ අනුමැතියක් ලබාදී නොමැති අතර එම මූල්‍යමය පරිත්‍යාග වල වගකීම අදාළ සංගම් හෝ පුද්ගලයන් විසින් දරනු ඇත.
මෙම අසීරු අවස්ථාවේ ජනතාව විසින් සිදු කරන දායකත්වය අගය කරන අතර සිසුන් වෙනුවෙන් සිදු කරන මූල්‍යමය පරිත්‍යාග වලදී එහි වගකීම් සහගත බව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

0 Comments