Ticker

6/recent/ticker-posts

වීසා දික්කරගන්න ගිය ජනප්‍රිය රට පවුලක් ලංකාවේ වැඩගැන රෙදි ගලවයි ..


විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ වීසා දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය සංචාරක පවුලක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කර තිබේ.

ඔවුන් සිය අත්දැකීම විස්තර කර ඇත්තේ එය ‘මෙතෙක් සිදු වූ වඩාත්ම වේදනාකාරී අත්දැකීම’ ලෙසයි.

TikTok හි ‘The Hutchinsons’ ලෙස ප්‍රකටව සිටිනමෙම පවුල වීසා රහිත යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ තිබී ඇති අතර පසුව බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී ඔවුන්ගේ වීසා දීර්ඝ කරගැනීමට උත්සාහ කර ඇත.

කෙසේවෙතත්, විදේශීය සංචාරකයන් සඳහා ආගමන දෙපාර්තමේන්තුවේ නිසි ක්‍රියාපටිපාටියක් නොමැතිකම හේතුවෙන් වීසා දීර්ඝ කිරීමේ අත්දැකීම දුෂ්කර වූ බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

“වාව්, ශ්‍රී ලංකාවේ කොළඹ ආගමන කාර්යාලයේ මොනතරම් දුෂ්කර දවසක්ද! අමතර සතියක් මෙහෙ ඉන්න මෙච්චර කරදර වෙන්න වටින්නේ නැහැ. කොහොමවුණත් දැන් හැම දේම හරි, දැන් නත්තල භුක්ති විඳීමට කාලයයි,” ඔහු TikTok හි සටහනක තවදුරටත් පැවසීය.

 

Post a Comment

0 Comments