තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ අද (13) අළුයම පැවත්වූ ෆේස්බුක් සාදයක් වටලා අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගයේ මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියද සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මහනුවර නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටියගේ 24 හැවිරිදි දියණිය සහ තවත් පිරිස් මෙම මත් සාදය පවත්වා ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරගෙන බවයි පොලිසිය සඳහන් කළේ.
එම සාදයට සහභාගි වූ පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04ක් අද අළුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්ව## මිලිග්‍රෑම් 4,134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,769ක්, කොකේන් මත්ද්ව්ය# මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්#රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙ#ති 13ක් සහ නීති විරෝධී දුම්වැටි 12ක්ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන්.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තෙල්දෙණිය අධිකරණය වෙත ඉදිර්පත් කිරීමට නියමිතයි.


0 Comments