එළවළු කඩේ පැත්තට යන්න කලින් දෙපාරක් හිතන්න වෙන තත්ත්වයක් තමයි වාර්තා වුණේ.
පිටකොටුව, දඹුල්ල විතරක් නෙවෙයි නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයටත් ගියපු අයට බෝංචි මිල දැකලා "තරු පෙනිලා" කියලයි ආරංචිය.
කෑම මේසයේ නැතිවම බැරි බෝංචි කිලෝ එකක මිල ඊයේ (26) ඇතැම් තැන්වල රුපියල් 1,400 සීමාවටම ඇවිත්. ඒ කියන්නේ දැන් බෝංචි උයනවා කියන්නේ ලොකු "ලෙවල්" එකක වැඩක් වෙන්න යන පාටයි.
බෝංචි විතරක් නෙවෙයි, මහ බැංකුවේ දෛනික මිල වාර්තාවලට අනුව තවත් එළවළු වර්ග කිහිපයකම මිල ගණන් අහස උසට ගිහින්. අමු මිරිස් කිලෝ එකක් රුපියල් 1,500 පැනලා.තක්කාලි කිලෝ එකක් රුපියල් 500 සීමාව පහු කරලා.
සැපයුම අඩුවීම සහ වර්ෂාව වැනි කාලගුණික බලපෑම් නිසා මේ මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසන්නේ. පාරිභෝගිකයන් නම් කියන්නේ "දැන් එළවළු කනවා වෙනුවට මස් කන එක ලාභයි වගේ" කියලයි.
දිනෙන් දින ඉහළ යන මේ බඩු මිල හමුවේ සාමාන්‍ය ජනතාවට නම් ඉදිරි දින කිහිපය ලෙහෙසි වෙන්නේ නැති පාටයි.

0 Comments