Ticker

6/recent/ticker-posts

ඉඩමයි ගෙදරයි දෙකම නැති වුණ අයට ලොකු මුදලක් ජනපතිගෙන් සැනසිලිදායක ප්‍රකාශය මෙන්න.


දින කීපයක් පුරා රටම කැලඹූ අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර නිසා සියල්ල අහිමි වූ අයට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සුබ ආරංචියක් ලැබිලා තියෙනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කිව්වේ, ඉඩමයි ගෙදරයි දෙකම නැති වුණ අයට රුපියල් කෝටියක (රු. 10,000,000) මුදලක් දෙන බවයි. අනුර කුමාර මහතා පැහැදිලි කළ විදියට, මේ කෝටිය බෙදිලා යන්නේ මෙහෙමයි.

ඉඩම වෙනුවෙන්: රුපියල් ලක්ෂ 50 ක් (රු. 5,000,000)
නිවස වෙනුවෙන්: රුපියල් ලක්ෂ 50 ක් (රු. 5,000,000)

ගෙදරක තහඩුවක් හරි ගැලවිලා නම්, ඒ වගේ හානි වුණ හැම ගෙදරකටම ලක්ෂ 10 ක් (රු. 1,000,000) ලැබෙනවා. ආපදාවට ලක්වුණ ප්‍රදේශවල ගෙවල් පිරිසිදු කරගන්න රුපියල් 25,000 ක් දෙනවා.

ගංවතුරට ගෘහභාණ්ඩ නැති වුණ අයට ආයේ ඒවා ගන්න රුපියල් 50,000 ක් දෙනවා. හානියට පත්වුණ ධාන්‍ය වගාවන් සඳහා, හෙක්ටයාරියකට රුපියල් ලක්ෂ එකයි පනස්දාහක් (රු. 150,000) බැගින් දීමනාවක් ලබා දෙනවා.

ඇත්තටම මේ තරම් කෙටි කාලයකින් රජයක් මෙවැනි විශාල මුදලක් වෙන් කිරීම රටේම කතාබහට ලක්වෙලා තියෙන දෙයක්. මේ ආපදාවෙන් පීඩා විඳින අයට මේ සහන සැලැස්ම විශාල ශක්තියක් වේවි කියන එක නම් නොඅනුමානයි.

 

Post a Comment

0 Comments