Ticker

6/recent/ticker-posts

ඉදිරි උත්සව සමයේ කේක් කිලෝවක මිලට මොනවා වේවිද..?


 බිත්තර මිල ගැන විටින් විට විවිධ කතා ඇසුණා.


ඒත් එක්කම එළඹෙන උත්සව සමයේ විවිධ ආහාරපානවල මිල ගණන් වෙනස් වෙන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. 


බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා ගියහොත් ඉදිරි උත්සව සමයේදී කේක් කිලෝවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට සිදුවන බවට වාර්තා වෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති විසින් මේ බව පවසා තිබුණා..

ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා බටර් කේක් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1,500 දක්වා ඉහළ යනු ඇති බවයි.

මේ වනවිට රට තුළ බිත්තර හිඟයක් නිර්මාණයවී තිබෙන බැවින් ඊට කඩිනමින් විසඳුම් ලබාදෙන්නැයි රජයෙන් ඔහු ඉල්ලා සිටිනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සීදූව රද්දොළුගම පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියා.

 

Post a Comment

0 Comments