අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වී සිටින පාසල් දරුවන් ලක්ෂ 5කගෙන් 50%කට පමණ නිල ඇඳුම් අවශ්‍යතාවය පවතින බවයි.
ඒ අනුව එම පාසල් දරුවන්ට අමතර පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන යටතේ ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
අදාල නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවත් ඒ අනුව අදාල පළාත්වල පාසල් දරුවන් ලක්ෂ දෙකහමාරකට පමණ පළාත් මට්ටමින් මෙම අමතර නිල ඇඳුම් කට්ටලය බැගින් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට දෙසැම්බර් 16 වැනිදා පාසල් ආරම්භ වන බවත් නිල ඇඳුම් නොමැති දරුවන්ට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබා දී ඇති බවත් ඊට අමතරව ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල්වල ගුරු මණ්ඩල සහ අදාළ කාර්ය කාර්මණ්ඩලවල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට දැනට තීරණය කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
ගැටලුවක් මතුව ඇති කාර්ය මණ්ඩලයට ද සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබාදී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙනවා

0 Comments