ඔන්න කඩුගන්නාව-නුවර මාර්ගය ගැන ඇහෙන අලුත්ම ආරංචිය ගැන තමයි මේ කියන්න යන්නේ. පසුගිය කාලයේ ඇතිවුණ අයහපත් කාලගුණ තත්වය නිසා මහනුවර කඩුගන්නාව මාර්ගය වසා දැමීමට ලක් වුණා.
කොහොම වුණත් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවෙන් වසා දමා තිබූ කොටස, හෙට (08) දින අලුයම 4:00 සිට සියලුම වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා.
නායයෑම් සහ අනෙකුත් ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම මාර්ග කොටස තාවකාලිකව වසා දමා තිබුණා.

0 Comments