Ticker

6/recent/ticker-posts

රජයෙන් ලබාදෙන ආපදා සහන පැකේජය ජනපති හෙළිකරයි.!


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීමෙන් ජනතාවට හිමිවන සහන පැකේජය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනතාවට ලබාදෙන සහන පැකේජය පහතින්..

*හදිසි ආපදා තත්ත්වය පහව යෑමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීමට රුපියල් 25,000ක් ලබාදීම.

*නිවාසට හානි වූ හෝ නිවසේ ගෘහ භාණ්ඩවලට හානි වූ නිවාස සඳහා මුලික උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 50,000ක් ලබාදීම.

*පළමු වටයේදී මුළුමනින්ම නිවාස අහිමි වූ ආදායම් මාර්ග අහිමි වූ, NBRO නිර්දේශ ඇති අර්ධ වශයෙන් හානි වූ නිවාසහිමියන්ට හෝ නිවාස හානි වී නොමැති වුවත් අවදානම් තත්ත්වය තුළ නිවාසට යෑමට නොහැකි ජනතාවට රුපියල් 50,000ක දීමනාවක් ජනවාරි සිට මාස තුනක කාලසීමාවක් ලබාදීම.

*නිවාස සම්පූර්ණයෙන් හානි සිදුව ඇති, අර්ධ නිවාස හානි හෝ නිවසට හානි සිදුව නොමැතිව NBRO නිර්දේශ මත නිවසින් බැහැරවීමට උපදෙස් දුන් පිරිසට රුපියල් 25,000 බැගින් ලබාදීම.

*වී, බඩඉරිඟු, රටකජු සහ ධාන්‍ය වර්ග වගා කර ඇති අයට හෙක්ටයාරයකට රුපියල් 150,000ක දීමනාවක්.

*ධීවරයින්ගේ දැල් ආම්පන්න නැතිවූ හැම ධීවරයින්ටම රුපියල් 100,000ක වවුචරයක්.

*ආපද‍ාවට ලක්ව තිබෙන ධීවරයින්ගේ බෝට්ටු සීනෝර් ආයතනය විසින් නොමිලේ හදා දීමට රජයෙන් මුදල් වෙන් කිරීම.

*මිරිදිය ධීවර කර්මාන්තයේ ඔරුවක් නැතිවෙලා හෝ සම්පුර්ණ වශයෙන් ඔරුව හානි වී ඇත්නම් රුපියල් 100,000ක මුදලක් නැවත ඔරුවක් මිලදී ගැනීමට.




 

Post a Comment

0 Comments