Ticker

6/recent/ticker-posts

දිට්වා සුළි කුණාටුවෙන් පසු වාහන සිහිනය බිඳෙයිද? ඇණවුම් කළ වාහනත් අත්හැරෙන තත්ත්වයක්


‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ ජනතාවගේ ආර්ථික හැකියාවන් දැඩි ලෙස කඩා වැටී ඇති බවත්, ඒ හේතුවෙන් පෙර ඇණවුම් කළ වාහන මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙරටට ආනයනය කරන වාහන සඳහා මාස තුනක් ඉක්මවූ පසු සියයට 3ක දඩ මුදලක් අය කරන අතර, ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ ගනුදෙනුකරුවන්ට එම කාල සීමාව තුළ වාහන මිලදී ගැනීමට නොහැකි වී ඇති බවය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම සියයට 3ක දඩ මුදල අය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා පැවසීය.

ඒ අතර, වාහන ලීසිං පොලී අනුපාත මේ වනවිට සියයට 14ත් 15ත් අතර මට්ටමකට ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.



 

Post a Comment

0 Comments