Ticker

6/recent/ticker-posts

පොල්ලකින් තඩි බෑ කුලියාපිටිය පොලිස් ලොක්කට වැඩ වරදී.!


සිවිල් ඇඳුමින් සැරසුනු පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙන අතර පොලීසියේ නිරීක්ෂණය මේ පිළිබඳව යොමුව තිබේ.

පොලීසිය විසින් මෙම පහරදීම සිදු කරන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානධිපතිවරයා බවට අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම පහරදීම කළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති බවයි.

සැකකාර නිලධාරීයාට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව බවද වාර්තා වෙයි.


 

Post a Comment

0 Comments