Ticker

6/recent/ticker-posts

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්.!


2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින් මාර්ගර්ගත පද්ධතියට ඇතුළත් කිරීම 2025.11.26 දින ආරම්භ කරන ලදී.

මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව 2025.12.05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුනද පවතින ආපදා තත්වය හමුවේ එම දිනය 2025.12.12 ලෙස සංශෝධනය කරන බව දන්වා සිටිමු.

තවද, 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල් වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර නොමැති අතර ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව දන්වා සිටිමි.

2026-.06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත් වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල් වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාවනා අයදුම්පත්‍ර කැඳවීම් සිදු කරනු ලැබේ.


 

Post a Comment

0 Comments