Ticker

6/recent/ticker-posts

නාවික හමුදාවෙන් රෑට රෑට කළ 'ගෝල්ඩන් ඇක්ෂන් එක! පොහොර උරවල හැංගූ කෝටි ගණන් මොනවාද තිබ්බේ ?


කල්පිටිය කියන්නේ කොච්චර සුන්දර මුහුදු තීරයක්ද? ඒත් ඊයේ (05) රෑ සිද්ධ වෙච්ච සිදුවීම නම් සුන්දරත්වයට වඩා ගින්දර.නාවික හමුදාවේ ගෝල්ඩන් ඇක්සන් එක ඔන්න ඉතින් රෑ බෝවෙලා, කට්ටිය නිදි යහන්වලට ගිහින් හිටිය වෙලාවේ, අපේ වීර නාවික හමුදා නිලධාරීන් කල්පිටිය මුහුදු තීරයේදී අමුතුම සැකකටයුතු බෝට්ටුවක් දැකලා තියෙනවා.


නිකම්ම නිකම් බෝට්ටුවක් නෙවෙයි, මේකේ මොකක් හෝ රහසක් තියෙනවා කියලා හමුදාවේ අයට සැකයක් ඇති වෙලා තියෙනවා . මත්ද්‍රව්‍ය කිලෝ 78ක්,කෝටි ගණනක බිස්නස්. බෝට්ටුව පරීක්ෂා කරලා බලද්දි, නාවික හමුදාවේ ඇස් උඩ ගිහින් තියෙනවා.

මේකේ තිබිලා තියෙන්නේ පොහොර උර 03ක අසුරපු විස මත්ද්‍රව්‍ය. වටිනාකම ගැන කතා කළොත්, පොලිසිය කියන්නේ, මුළු මත්ද්‍රව්‍ය තොගයම කිලෝ 78.520ක් කියලා.
මේ තරම් ලොකු මත්ද්‍රව්‍ය තොගයක් අල්ලගත්තට පස්සේ, හැමදේම භාරදීලා තියෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට (PNB).

මේ බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේම පදිංචි කෙනෙක්ලූ. PNB එකේ නිලධාරීන් දැන් මේ අයිතිකාරයා අත්අඩංගුවට ගන්න විශේෂ විමර්ශන පටන් අරන්ති.යෙනවා කියලා තමයි ආරංචිය.

 

Post a Comment

0 Comments