Ticker

6/recent/ticker-posts

සිතු සිතු සම්පත් උදාවෙන සුබ අසුබ කැන්දන අද ලග්න පලාපල


 🔴 මේෂ ලග්නය

පැරැණි ගනුදෙනුවක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. කලාත්මක දේට කැමැත්තක් දක්වයි. කාරුණික හැඟීම් ඇති කරයි.

🔴 වෘෂභ ලග්නය

බලාපොරොත්තුවක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අඩුපාඩු කීපයක් සම්පූර්ණ කර ගනී. හදිසි සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගනි.

🔴 මිථුන ලග්නය

හිතවත්කම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. ලැබීම් සහිත දිනයකි.

🔴 කටක ලග්නය

පොත පත කියවීමට රුචිකත්වයක් දක්වයි. සියුම් දේවල් පවා හොඳින් මතක තබා ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

🔴 සිංහ ලග්නය

හිතවතෙකුගේ පි‍්‍රයසාදයකට සහභාගිවීමට කටයුතු උදාකරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. වියදම් බහුල කරයි.

🔴 කන්‍යා ලග්නය

දුර බැහැර ගමනකට සැලසුමක් ඇති කරයි. වෙනදාට වඩා වැඩ කටයුතු අධික වන දිනයකි. සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි.

🔴 තුලා ලග්නය

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. මිහිරි ආහාරපාන කෑමට පි‍්‍රය කරන දිනයකි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි.

🔴 වෘශ්චික ලග්නය

අමතර ලැබීම් සහිත දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි.

🔴 ධනු ලග්නය

අවිවේකී ලෙස දවස උදා කරයි. ගේ දොර පිරිසුදු කිරීමකට වෙහෙසෙයි. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

🔴 මකර ලග්නය

ලැබීම් සහිත දිනයකි. වැඩිහිටි උපකාරයක් හිමි කරයි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි.

🔴 කුම්භ ලග්නය

නැති වූ දෙයක් නැවත හිමිකරයි. එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුව අඩුකරන බවක් පෙනේ. සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි.

🔴 මීන ලග්නය

ශාරීරික වෙහෙසීම් ඇති කරන දිනයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. පීඩාකාරී ලෙස දවස ගත කරයි.

 

Post a Comment

0 Comments