ආපදා අවස්ථාවකදී වෙන්නප්පුව, ලුණුවිල ජනතාව වෙනුවෙන් ජීවිතය පුදා, අපෙන් සමුගත් ගුවන් හමුදා විරුවා වන ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ අකල් වියෝවෙන් මුළු රටම කම්පාවට පත්ව සිටිනවා.
මෙම හෙලිකොප්ටර් අනතුරින් දිවි පිදූ නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා, අද (04) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රත්මලානේ පිහිටි එතුමාගේ නිවසට පැමිණියා.
ජනපති අනුර කුමාර දිසානායක මහතා, ගෲප් කපිතාන්වරයාගේ බිරිඳ, දෙමාපියන්, සහෝදර සහෝදරියන් ඇතුළු සමස්ත පවුලේ සාමාජිකයන් වෙත සිය හද පිරි ශෝකය පල කර සිටියා.
මෙම සංවේදී අවස්ථාවට ජනපතිතුමා සමඟම තවත් ප්‍රධාන චරිත කිහිපයක්ම පැමිණ සිටියා. ඒ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද සිටියා.

0 Comments