හෙළ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත.
මෙම කටයුතු කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී ආරම්භ කර, අවසන් භූමදාන කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.
දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවෙන් කොළඹ නිදහස් චතුරස්‍රයට රැගෙන ගොස් ඇති අතර, අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා මහජන ගෞරවය සඳහා එම පරිශ්‍රයේ තැන්පත් කරනු ලබයි.
ප.ව 2.00 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව, දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කෙරේ.

0 Comments