ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්වය හමුවේ විවිධ රටවල් වලින් මෙරටට ආධාර උපකාර කරන්නට කරයුතු කරනු ලැබුවා.ඒ කෙසේ වෙතත් මේ ඇහෙන්නේ ඒ සම්බන්ධයෙන් වෙනස්ම කතාවක්.
සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ශ්‍රී ලංකාවට උපකාර කිරීමට පාකිස්ථානයට අවශ්‍යතාවයක් තිබුණේ නම් ඉන්දියාව මත යැපීමකින් තොරව එය කළ හැකි බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසලා තියෙනවා.
මෙවැනි ආපදා අවස්ථාවකදී පාකිස්ථානය භූ දේශපාලනය මූලික කරගෙන කටයුතු නොකළ යුතු බව මහ කොමසාරිස්වරයා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරලා තියෙනවා.
මේ අතර, පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තමන් එක්රැස් කළ මානුෂීය ආධාර ටොන් 200ක් මුහුදු මාර්ගයෙන් මෙරටට එවීමට තීරණය කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා.
එසේම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මෙසේද සඳහන් කර තිබෙනවා,
''ශ්‍රී ලංකාව මුහුණදුන් ආපදා අවස්ථාවේදී මෙරටට ශෝකය පළ කළ පළමු පුද්ගලයා වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි, ඔහු එහිදී වහාම ආධාර සැපයීමට ප්‍රතිඥා ලබාදුන්නා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මේ දුෂ්කර අවස්ථාවේ දී ඊට සහාය වීමට අපට හැකි සෑම දෙයක්ම වගේම ඊටත් වඩා වැඩි දෙයක් කරන්න අපි කටයුතු කරනවා. අපගේ ප්‍රතිපත්තිය වන්නේ ''අසල්වැසියාට ප්‍රමුඛත්වය'' යන්නයි. ශ්‍රී ලංකාව අපගේ අසල්වැසියෙකු වන නිසා අප එය ප්‍රමුඛත්වයක් ලෙස සලකනවා."

0 Comments