දරුවන්ට හොඳම දේ දෙන එක ඕනම අම්මා, තාත්තා කෙනෙක්ගේ ආසවක්.
ඉතින් ඒ නිසාම ඔබත් ඔබේ සිඟිත්තාට මෙවැනි දේවල් ගෙනැල්ලා දෙනවා ඇති.

ඉස්තරම්ම මාදිලිවලින්, ලස්සන ලස්සන පාටවලින් ඔබත් ඔබේ දරුවාට මේ දේවල් අරගෙන දෙනවා ඇති. ඒත් ඔබ දැනගෙන හිටියාද, බේබි වෝකර් කියන්නේ රෝද සවි කළ මර උගුලක්බේ බව. මේ කතාව ඇසෙන්නේ අන්න ඒ ගැනයි.
බොහෝ දෙමාපියන් තම පුංචි දරුවාට ආදරේට ගෙනත් දෙන මුල්ම සහ ප්‍රධානම තෑග්ගක් වන්නේ බේබි වෝකර් එකයි. දරුවා එයට තැබූ විට ඔහු හෝ ඇය ඉක්මනින් ඇවිදීමට හුරුවනු ඇතැයි යන්න අප සමාජයේ මුල් බැසගත් මතයක් වුවද යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස්. ආදරණීය දෙමාපියන් තම දරුවාගේ වර්ධනයට අත්වැලක් යැයි සිතා ගෙදරට ගෙනෙන මෙම උපකරණය ඇතැම් විට දරුවාගේ ජීවිතයම අනතුරේ හෙළන මර උගුලක් බවට පත්වන ආකාරය පිළිබඳව ඔබ දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. ලොව පුරා ළමා රෝග විශේෂඥයින් පෙන්වා දෙන්නේ වෝකර් එක යනු දරුවාට අත්‍යවශ්‍ය දෙයක් නොව දරුවාගෙන් ඈත් කළ යුතු අනතුරුදායක මෙවලමක් බවයි.
වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී ඇති ප්‍රධානම කරුණක් නම් බේබි වෝකර් භාවිතය මගින් දරුවන්ගේ ස්වභාවික ඇවිදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම කෙසේ වෙතත් එය තවදුරටත් ප්‍රමාද කරන බවයි. වෝකර් එකක සිටින දරුවා බොහෝ විට ගමන් කරන්නේ තම පාදවල ඇඟිලි තුඩු බිම තබමින් තල්ලු කිරීම මගිනි. නමුත් ස්වභාවිකව ඇවිදීමට නම් දරුවා තම විලුඹ බිම තබා ශරීරයේ බර දෙපාවලට සමබර කරගැනීම ඉගෙන ගත යුතුය.
වෝකර් එක නිසා මෙම අත්‍යවශ්‍ය සමබරතාවය පුරුදු වීම දරුවාට මග හැරී යන අතර එමගින් දරුවා තනිවම නැගිටීමට සහ ඇවිදීමට ගන්නා කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ විය හැකිය. එසේම දරුවාට තමාගේ කකුල් පෙනීම වෝකර් එක මගින් අවහිර කරන නිසා ඇවිදීමේදී කකුල් තැබිය යුතු ආකාරය ඉගෙන ගැනීමටද එය බාධාවක් වෙනවා.
මීට අමතරව වෝකර් එක මගින් කුඩා දරුවෙකුට ඔහුට පාලනය කරගත නොහැකි වේගයක් සහ අමතර උසක් ලබා දීම අතිශය භයානක තත්ත්වයකි. සාමාන්‍යයෙන් දරුවෙකුට ළඟා විය නොහැකි උසක ඇති උණු වතුර කේතල, විදුලි උපකරණ, තියුණු ආයුධ හෝ ඖෂධ වර්ග වෙත පහසුවෙන් ළඟා වීමට වෝකර් එකේ සිටින දරුවාට හැකියාව ලැබෙනවා. ඇසිපිය ගසන සැණින් දරුවා විශාල වේගයකින් අනාරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන නිසා දෙමාපියන්ට ප්‍රතික්‍රියා දැක්වීමටවත් කාලයක් නොලැබෙන අතර බරපතල පිලිස්සුම් තුවාල සහ විෂ ශරීරගත වීම් වැනි අනතුරු සිදුවන්නේ මේ නිසායි.
ඇවිදීමට තියා හරියට හිටගැනීමටවත් නොහැකි දරුවෙකුට මෙවැනි වේගයක් ලබාදීම නුපුහුණු රියදුරෙකුට රේස් කාර් එකක් ලබාදීම වැනි අනතුරුදායක ක්‍රියාවක්. වෝකර් භාවිතයේදී සිදුවන දරුණුතම සහ කණගාටුදායකම අනතුරු බහුලව වාර්තා වන්නේ පඩිපෙළ ආශ්‍රිතවය. කුඩා දරුවන්ගේ ශරීරයට සාපේක්ෂව ඔවුන්ගේ හිසෙහි බර වැඩි බැවින් වෝකර් එක පඩිපෙළක් අසලදී රෝද ලිස්සා පෙරළී ගියහොත් දරුවා වැටෙන්නේ හිස පහතට සිටින ආකාරයටය. මෙය දරුවාගේ හිස් කබලට සහ මොළයට බරපතල හානි සිදු කළ හැකි අතර ඇතැම් විට මෙම අනතුරු මාරාන්තික වීමට හෝ ජීවිත කාලය පුරාම පවතින අබාධ තත්ත්වයන්ට හේතු විය හැකියි.
ආරක්ෂිත ගේට්ටු දමා තිබුණද යම් මොහොතක සිදුවන අතපසු වීමකින් දරුවා මෙම අනතුරට මුහුණ දීමේ විශාල අවදානමක් පවතින බව දෙමාපියන් නිතර සිහි තබා ගත යුතුයි.
මෙම අවදානම් තත්ත්වය කෙතරම් බරපතලද යන්න පෙනී යන්නේ කැනඩාව වැනි දියුණු රටවල් විසින් 2004 වසරේ සිට බේබි වෝකර් විකිණීම, ළඟ තබා ගැනීම සහ ප්‍රචාරණය කිරීම නීතියෙන්ම තහනම් කර තිබීම හරහායි. ඇමරිකානු ළමා රෝග විද්‍යා ඇකඩමිය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ද වෝකර් භාවිතය නතර කරන ලෙස දැඩිව අවවාද කරයි.
දරුවාගේ වර්ධනයට හොඳම ක්‍රමය වන්නේ බිම එළන ලද පිරිසිදු පැදුරක හෝ මෙට්ටයක් මත දරුවා නිදහසේ තැබීමයි. දරුවාට බඩගාන්නට, දණගාන්නට සහ බඩු අල්ලාගෙන නැගිටින්නට ඉඩ දීමෙන් ඔවුන්ගේ මස්පිඩු ශක්තිමත් වන අතර ස්වභාවිකවම නැගිටීමට අවශ්‍ය පන්නරය ලැබෙනවා. ඔබට දරුවා ආරක්ෂිතව තැබීමට අවශ්‍ය නම් රෝද රහිත ස්ටේෂනරි ඇක්ටිවිටි සෙන්ටර් (Stationary Activity Centers) වැනි උපකරණයක් භාවිත කිරීම වඩාත් සුදුසු සහ ආරක්ෂිත විකල්පයක්. එමනිසා වෝකර් එකක් වෙනුවට දරුවාට ආරක්ෂිත පරිසරයක් සහ ඔබේ ආදරය ලබාදීම දරුවාගේ අනාගතයට කරන හොඳම ආයෝජනයයි.

0 Comments