Ticker

6/recent/ticker-posts

අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස, ජඳුර ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇත.

ඒ අනුව ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස හදිසියේ ගිනි ගෙන ඇති බව සදහන් වේ .

එම රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් සිට ඇත.

රථය ගිනි ගන්නා බව දැනගත් විගස ⁣රථය නවතා ඔවුන් ඉන් පිටතට පැමිණ  තිබේ.

ඒ නිසා මෙම රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුවී නොමැත.

තවද අඟුණකොළපැලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


 

Post a Comment

0 Comments