Ticker

6/recent/ticker-posts

රන්, රිදී මිලේ කැපී පෙනෙන ඉහළයෑමක්.. දැන් කැරට් 22 රන් පවුමක මිල මෙන්න..


ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අද ඇමරිකානු ඩොලර් 4600 ඉක්මවා ගියා.

ලන්ඩන් වෙළෙඳපොළ තුළත් රත්‍රං මිල ඩොලර් 4,600 ඉක්මවා ගොස් තිබුණේ සියයට 2ක පමණ ඉහළ යාමක් ද සමඟින්.

මේ අතර නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රිදී මිල සියයට 5කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රිදී අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 84ක් ලෙසයි.

මීට සමගාමීව මෙරට වෙළෙඳපොළේ රන් මිල ද රු 3,000 කින් ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රන් පවුමක් අලෙවි වූයේ රුපියල් 365,000 කටයි.

කැරට් 22 රන් පවුමක් රුපියල් 337,600කට අලෙවි වුණා.


 

Post a Comment

0 Comments