Ticker

6/recent/ticker-posts

වී මිල ඉහළට -සහල් මිලට වෙන්නේ මොකක්ද?


කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේ එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි.

සම්බා සහ කීරි සම්බා යන වී වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් සහල් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සදහන් කළේය

“වී මිල සංශෝධනයක් සම්බන්ධයෙන් දැනටමත් අපි මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම නාඩු වී 120යි ඒක එහෙම්මමයි. සම්බා 125 සිට 130 දක්වා වැඩි කරනවා වීවල මිල. කීරි සම්බා 132 සිට 140 දක්වා මිල වැඩි වෙනවා ගොවියාගේ පැත්තට අදාළව. “

කොයි කාලෙදි වගේද වැඩි වෙන්නේ ඇමතිතුමා ?

“එන කන්නයේ සිට ඒ වැඩිවීම සිද්ධ වෙනවා. අස්වනු නෙලනකොට ගොවීන්ට ඒ කියන මිල ගණන්වලට වී ටික දෙන්න පුළුවන් කම ලැබෙනවා. නමුත් ඊට සාපේක්ෂව සහල් මිල වැඩි කිරීමට රජය තීන්දුවක් අරගෙන නෑ. එහෙම තීන්දුවක් ගන්න බලාපොරොත්තුවකුත් නෑ.”

එමෙන්ම වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ සහල් මෙරට මාෆියාව ක්‍රියාත්මක වුව ද එය මේ වසරේ මෙම කාලය තුළ සිදු නොවූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.


 

Post a Comment

0 Comments