Ticker

6/recent/ticker-posts

නාගොඩ රෝහල තුළ උන්ඩ වරුසාවක් විසිවෙයි.. බන්ධනාගාර නිලධාරීන් සිටියදීම සිදුවූ කේදවාචකය


Update - 07.31 am -  (31) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින්  නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකුය තුවාල ලබා තිබේ.

මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරිය අප කළ විමසීමකදී සඳහන් කළාය. 

ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

--------------------------------------------

07:15 am  - නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

 (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

රෝහලේ 14 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම බන්ධනාගාර රැඳවියාට වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇති බවද වාර්තා වෙයි. 



 

Post a Comment

0 Comments