Ticker

6/recent/ticker-posts

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්


හැඳුනුම්පත් නිකුත් කිරීමේදී පෙර මතුවූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත්කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම පවසයි. ඇය සඳහන් කළේ, අද (30) දිනයේ හැඳුනුම්පත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

ඊයේ (29) පස්වරුවේ එකේ සිට 4 දක්වා මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකිව තිබුන බවත්, එම නිකුත් කිරීම් තැපැල් මාර්ගයෙන් අදාළ පුද්ගලයින් වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඇය සඳහන් කළේය.


 

Post a Comment

0 Comments