Ticker

6/recent/ticker-posts

සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - හෙට 2න් පස්සේ විශේෂයි


කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට හෙට (28) දින ප.ව. 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ බව හෙට දිනයේ කාලගුණ අනාවැකිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අද (27) ප.ව. 2ට නිකුත්කළ නිවේදනයේ දක්වා ඇත.

කෙසේ වුවත් ඉහත සඳහන් ස්ථාන හැරෙ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්.

එසේම අලුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා ඇත.


 

Post a Comment

0 Comments