Ticker

6/recent/ticker-posts

අකුරේගොඩ වෙඩික්කරු ගැන හිතා ගන්න බැරි තොරතුරු රැසක් එළියට... . රටම හෙල්ලූ ද්විත්ව කේදවාචකයේ සුලමුල හෙළි වෙයි!


මුළු රටම කම්පනයට පත් කළ අකුරේගොඩ ද්විත්ව ඝා##නයේ අභිරහස විසඳීමට පොලීසිය සමත්ව තිබෙනවා.


මහමඟදී සිදුවූ මෙම රුදුරු වෙඩි තැබීම පිටුපස සිටි ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමත් සමඟ, ඔහු පිළිබඳව අනාවරණය වූ තොරතුරු වලින් බොහෝ දෙනා මවිතයට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මොහු හිටපු යුද හමුදා සෙබළෙකු බවයි.

හමුදාවේදී ඔහු ලබා තිබූ විශේෂ පුහුණුව මිනිස් ජීවිත දෙකක් නැසීමට මෙලෙස අතිශය සූක්ෂ්ම ලෙස යොදාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ඝා##නය හුදු පෞද්ගලික ආරවුලක්ද නැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ලබාදුන් 'කොන්ත්‍රාත්තුවක්' (Contract) ද යන්න පිළිබඳව මේ වන විට දැඩි ලෙස විමර්ශන ක්‍රියාත්මකයි.

හිටපු හමුදා සෙබළෙකු මෙවැනි අපරාධයකට යොමු වූයේ කෙසේද යන්න පිළිබඳව හිතාගත නොහැකි තොරතුරු රැසක් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එළියට එමින් පවතී.

සැකකරු අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී අපරාධයට යොදාගත් ගිනි අවි සහ හවුල්කරුවන් පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළි වනු ඇතැයි වාර්තා වේ.

 

Post a Comment

0 Comments