Ticker

6/recent/ticker-posts

වායු බැලුනය ක්‍රියාත්මක වී තිබුණත්, රියැදුරා එතැනදීම මෙහෙම උනේ කොහොමද..? වායු බැලූනයක් තවත් කේදවාචකයකට මුල පුරයි..


මේ කියන්න යන්නේ තවත් එක් සංවේදී පුවතක්.

බොහෝ විට අපි වැඩි මිලක් ලබාදී මිලදී ගන්නා වාහනවල ආරක්ෂාව ගැන අපි වද වෙන්නේ නැහැ නේ. 

ඒත් දැන් ඔබ ඒ ගැන වුණත් විමසිලිමත්විය යුතුයි කියන කතාව මේ ඇසෙන ආරංචිය නිසා පැහැදිලිවේවි..

ගාල්ල රිච්මන්ඩ් විදුහල අසලදී ඉකුත් 03 වැනිදා පස්වරු 1.30ට පමණ වූ අනතුරට හේතුව රියැදුරාට ක්ෂණිකව ඇක්සලේටරය පෑගීමයි. බොහෝ දෙනා ඒ අනතුර ගැන සිතුවේ එසේ වුණත්, ඒ සිද්ධිය වටා ඊට වඩා වෙනස් කතාවක් තියනවා. එසේම නම් ඔහුගේ ම##ණය මේ අනතුර නිසා සිදුවුණේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය ඔබටත් ඇති වේවි. ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවකු වූ ආචාර්ය හේමසිරි රණවීර මි##ගියේ ඔහු ගමන් කළ වාහනයේ වායු බැලුනයක් පිපිරීමෙන් කියලා ඔබ විශ්වාස කරනවාද..? මින් පෙර එක් අවස්ථාවකදී, හරියටම මීට වසර තුනකට පමණ පෙරදී ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ ආචාර්ය විමුක්ති ජයවීරද ජීවිතයෙන් සමුගත්තේ මෙවන්ම අනතුරකින් බව ඔබට මතකයට එන්නට ඇති.

කෙසේ වෙතත්, අධිකරණ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පශ්චාත් වෛද්‍ය උපාධි ලේඛකාධිකාරී අධිකරණ වෛද්‍ය සසිනි නිරුදිකා ගමගේ හේමසිරි රණවීරගේ ම##ණය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු විශ්ලේෂණය කරමින් විමර්ශන කටයුතු කළා. එහිදී සිදුව තිබුණේ කුමක්ද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.

"ක්‍ෂණිකව වාහනයේ ඇක්සලේටරය පෑගිලා ගිහින් තාප්පේ වදිනවා. මේ පොඩි දුර අධික වේගයෙන් ධාවනය කරන්නත් බැහැ. එවලේම වායු බැලුන් විවෘත වෙලා තිබෙනවා. කොහොම නමුත් එම මොහොතෙම පුද්ගලයා මි## ගිහින් තිබෙනවා. සීට් බෙල්ට් දාලා තිබුණා. සිරුර ගන්නකොට ඇක්සලේටරේ තදින්ම කකුලෙන් පෑගිලා තිබුණා. වම් ඇසට පහළින් මුහුණ පසාරුකරගෙන තිබුණ තුවාලයක් පමණයි තියෙන්නේ. ම##ණයකට හේතුවන වෙන කිසිම ශරීර හානියක් තුවාලයක් දකින්න තිබුණෙ නැහැ.

ඇසට පහළින් තිබුණ තුවාලය මුහුණේ අස්ථි පසාරු කරගෙන බෙල්ලේ පිටුපසට කිඳා බැහැලා තිබුණා. දත් කැඩිලා හකු කැඩිලා බෙල්ලේ පිටුපසට තුවාලය තිබුණා. එයා බෑග් එක පුපුරලා තිබෙනවා මම ජායාරුපවලින් දැක්කා. නමුත් කොහොම වුණ තුවාලයක් ද කියලා මට හිතාගන්න බැරිවුණා.

මම පොඩි සැකයක් තියාගෙන තමයි ම##ණ පරීක්‍ෂණය කරන්න පටන් ගත්තේ. නමුත් ගෙදර අය කිව්වේ සමහරවිට මේක හදිසි හෘදයාබාධයක් වෙන්න ඇති කියලා. ඒ තුවාලය ඇතුළත පරීක්‍ෂා කරගෙන යනකොට තමයි මට හමුවෙන්නේ සුෂුම්නාවට වම් පැත්තට වෙන්න පටක ඇතුළත තිබුණා එයාර් බෑග් එකේ පොඩි කැබැල්ලක්. මුහුණ පසාරු කරගෙන හකු හරහා බෙල්ල පිටුපසට ගිහින් තිබුණා. ප්‍රධාන රුධිර නාලිකා තිබෙන නිසා ලොකු රුධිර වහනයක් වෙලා තිබෙනවා. කමිසයත් සම්පූර්ණයෙන්ම තෙත්වෙලා තිබුණා. මෙම ම##ණය සම්බන්ධයෙන් මම දුන්නේ විවෘත තීන්දුවක්. ඒ මොකද ම##ණයට හේතුවන වෙනත් සාධක තිබේදැයි පරීක්‍ෂාකර බලන්න ඕනෙ නිසා. රස පරීක්‍ෂක වාර්තාව පටක පරීක්‍ෂණ වාර්තාව ආදිය. කොහොම නමුත් මේ තියෙන සාක්කි සාධකත් එක්ක මේ ම##ණයට ප්‍රධානතම හේතුව වායු බැලුන් වෙන්න පුළුවන්.. "

අධිකරණ වෛද්‍ය සසිනි නිරුදිකා ගමගේ විසින් ම##ණය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු විශ්ලේෂණය කරමින් විමර්ශන කටයුතු සිදුකරන අවස්ථාව ඇයට සහය වූ රෝහල් සේවකයා විසින් ඒ සිද්ධිය සම්බන්ධයෙන් පවසා තිබුණේ එවැන්නක්..

 

Post a Comment

0 Comments