Ticker

6/recent/ticker-posts

"එහෙම අත්දැකීම් දීපු අම්මටයි අප්පච්චිටයි ගොඩක් පින්..!" අද මවක් වුණු ඇය සංවේදීව ඔවුන් ගැන කියූ ඒ කතාව මොකක්ද කියලා දන්නවාද...?


බාල කාලේ අපට ලැබෙන අත්දැකීම් දවස අපේ ජීවිතවලට මොන තරම් බලපානවාද කියන එක  අද ඇය කියන මේ කතාවෙන් ඔප්පු වෙනවා. මාධවී වත්සලා ඇන්තනී, ඇන්තනී පවුලේ වැඩිමහල් දරුවා ඇයයි. 

මල්ලිලා දෙන්නක් එක්ක ඇති වෙන්න සෙල්ලම් කරපු ඒ ලස්සන ළමාකාලය අද නැවතත් මාධවීට සිහි වෙන්නේ, ඇයගෙ පුංචි පුතා නිසයි.

මෙන්න බලන්නකෝ ඉතින් පුංචි කෛලාෂ්ගේ වීඩියෝවලට රසිකයෝ දක්වන ආදරයත් එක්කම මාධවී කියලා තිබුණු ඒ වෙනස්ම කතාව මොකක්ද කියලා.

"කෛලාෂ් පුතා නිදහසේ පරිසරය එක්ක සෙල්ලම් කරන හැටි දැකලා ඔයාලා බොහෝදෙනා මාව අගය කරලා තිබුනා. ගොඩක් ස්තූතියි ඒ හැමෝටම!
ඇත්තටම මං මගෙ දරුවා හදන්නෙ මගෙ ළමාකාලෙ අත්දැකීම් වල මතකයෙන්. අපි තුන්දෙනත් මේ හැමදේම කළා. වැස්ස, වතුර, දූවිලි, වැළි, හුළං වගේම, බල්ලො, පූසො, හරක්, එළුවො, කැරපොත්තො, හූණො, ලේනො, මකුළුවො වගේ ගෙවල්වල් ඉන්න සත්තු සීපාවන්ට බයෙන් නෙවෙයි උං එක්කයි අපි හැදුනේ. සැරයි උෂ්ණයි නොකියා තක්කාලි, රඹුටන්, අඹ, අන්නාසි, බිලිං, ලොවි, කජු පුහුලං ගස් වළින් කඩාගෙන ඉස්මුරුත්තාවට එනකං කෑවා. කොමොඩු, සීනි කැකිරි, නාරං, අලිපේර, කටු අනෝදාත් සීතල නොබලා අම්මා කන්න දුන්නා.
බඩේරුජාවක් හැදුනම වර්තිකාව ගුලි පහක් හපලා කාලා වතුර බිව්වා. වැටිලා තුවාල වුනොත් හෝදලා බූ දදකීරිය කිරි ගෑවා. තැලුමක් ආවොත් බෝඹු පොත්තක් ලුණු වතුරෙන් ගල ගාලා ඒ සෙවල ගෝස් කෑලක තියලා බැන්දා. පිච්චුනොත් ගලායන වතුරට අල්ලන් ඉඳලා ඊට පස්සේ කෝමරිකා ගෑවා. අද වගේ උණුවතුර කරාම තිබ්බෙ නෑ. ඒත් අපි රෑත් නෑවා. ඕන තරම් පයින් ගෑටුවා. බස් වල කෝච්චියෙ තනියෙන් යන්න හුරු කළා.
විනෝදෙට ගමේ යාලුවො එක්ක වීඩියෝ ගේම් ගහන්නත් එයාලා එක්කම සම්බෝල කොටන්නත්, MC එකේ (ඒ කාලෙ තිබ්බ එකම එක Shopping Mall එක) බෝල ගොඩේ, සතුටු උයනෙ පාවෙන ප්ලේන් වල සෙල්ලම් කරන්නත්, කමතෙ පිදුරුගොඩේ නටන්නත් එක වගේ හුරු වුනා.
ඉතිං මට කියන්න ඕනෙ වුනේ අගය කිරීමේ විශාල කොටසක් හිමිවෙන්න ඕනෙ මට එහෙම අත්දැකීම් දීපු අම්මටයි අප්පච්චිටයි. එයාලට ගොඩක් පිං.."


 

Post a Comment

0 Comments