ඇය රටේ නීතිය රැකිය යුතු නිලධාරිණියක්. එහෙම කෙනෙක්ගෙන් මේ වගේ හැසිරීමක් නම් කිසිවෙකුත් බලාපොරොත්තු නොවෙන්න ඇති. මේ කියන්න යන්නේ ඇසූවන්ගේ ඇස් මවිත කළ අන්න ඒ වගේ කතාවක්.
ගල්කිස්ස පොලිසියට අනුබද්ධ පොලිස් කාන්තාවක හා 14 හැවිරිදි පාසල් සිසුවකු අතර පැවති බව කියන ප්‍රේම සබඳතාවක් සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම පොලිස් කාන්තාව ගල්කිස්ස පොලිසියට අනුයුක්ත වීමට පෙර අඟුලාන පොලිසියේ සේවය කර ඇති අතර ඇය මොරටුව පොලිස් නිවස්නයේ නතර වී සිටිය දී අදාළ ශිෂ්‍යයා සමග මෙම ප්‍රේම සම්බන්ධය ඇති කරගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම ප්‍රේම සම්බන්ධය පිළිබඳවත් ඇයගේ ක්‍රියා කලාපය පිළිබඳවත් සැක පහළ වීමෙන් පසු දැනට සති කීපයකට පෙර ඇය ගල්කිස්ස පොලිසියට මාරුකර යවා තිබෙනවා.
මෙම පොලිස් කාන්තාව විවාහක කතක වන අතර සිසුවා සමග ඇති පෙම් සබඳතාව අනාවරණය වී ඇත්තේ වීඩියෝ දර්ශනයකින් බවද පැවසෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ චුට්ලර් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

0 Comments