Ticker

6/recent/ticker-posts

අන්තිම මොහොතේ දිවි බේරාගත් සේවකයින් 20 දෙනා... ඕමාන් මුහුද මැදදී නැවකට වුණු දේ මෙන්න.


මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙමින්, ඕමානයට ඔබ්බෙන් වූ මුහුදේ ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් නැවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.


ඕමානයේ 'මුසැන්ඩම්' (Musandam) වෙරළට නාවික සැතපුම් පහක් වැනි කෙටි දුරකදී මෙම අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පලාවු (Palau) රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම 'ස්කයිලයිට්' නමැති නෞකාව ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ එහි සේවකයින් 20 දෙනෙකු සිට තිබෙනවා. ප්‍රහාරයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් සේවකයින් පිරිස ආරක්ෂිතව ඉවත් කර ගැනීමට සමත් වී ඇති අතර, ඉන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මීට සුළු මොහොතකට පෙර ඕමානයේ 'ඩුක්ම්' (Duqm) වරාය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව 'අල් ජසීරා' වෙබ් අඩවිය තහවුරු කර සිටිනවා.

මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් එක් විදේශීය සේවකයෙකු තුවාල ලබා ඇති බවත්, එම ප්‍රහාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මුහුදු සීමාවේ ආරක්ෂාව තර කර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ නාවික ගමනාගමනයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.


 

Post a Comment

0 Comments