Ticker

6/recent/ticker-posts

ලොවක් කතාවුණු විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා මුල්ම වතාවට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටී..


පසුගියදා යුග දිවියට පිවිසි දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම යුවළක් වන රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොන්ඩා, විවාහයෙන් පසු සිය ප්‍රථම ප්‍රසිද්ධ පෙනී සිටීම සනිටුහන් කරමින් ඊයේ උදයපූර් ගුවන් තොටුපළේදී දක්නට ලැබුණා.

අලුත විවාපත් වූ මෙම යුවළගේ මුහුණුවලින් දිස්වූ සතුට සහ දීප්තිය එතැන සිටි සැමගේ අවධානය දිනාගත් අතර, ඔවුන්ව පිළිගැනීමට මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් විශාල පිරිසක් රැස්ව සිටීම මෙහිදී හැමදෙනාගේම අවධානය දිනාගන්නා සිදුවීමක් වුණා..

එහිදී රෂ්මිකා මන්දානා ඉතාමත් සිත්ගන්නාසුලු රතු පැහැති ඇඳුම් ආභරණ කට්ටලයකින් සැරසී සිටි අතර, ඇයගේ මුහුණේ වූයේ දැඩි සතුටක්. ඇය තමන් වෙනුවෙන් රැඳී සිටි ඡායාරූප ශිල්පීන්ට සුහදව අත වනමින් සහ හාදු මුදාහරිමින් ඇයගේ ප්‍රීතිය ප්‍රකාශ කිරීමට අමතක කළේ නෑ..

විජේ දේවරකොන්ඩාට ඉතා සමීපව අල්ලාගෙන සිටි රෂ්මිකා, ගුවන් තොටුපළ තුළට ඇතුළු වීමට පෙර කැමරා ඉදිරියේ ඉතා ලස්සන සිනහවකින් යුතුව පෙනී සිටියා. මෙම යුවළ අතර පැවති ඒ සොඳුරු බැඳීම සහ සැබෑ සතුට එහි සිටි පිරිසට මනාව පැහැදිලි වුණා.

 

Post a Comment

0 Comments