Ticker

6/recent/ticker-posts

ශම්මි ඉන්න ඕනේ හිරේ – රාජාංගනයේ හිමි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාව බන්ධනාගාර ගතකර යුතු බව රාජාංගනයේ සද්ධාරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින්   ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය අතරතුරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සද්ධාරතන හිමියන් පෙන්වා දුන්නේ,

“තිලංග සුමතිපාලනේ මෙතන යට ඉන්න මහ එකා. තිලංග සුමතිපාල ඔයයි, ඔයාගේ ගෝලයා ශම්මි යි උඹලගේ සෙල්ලම් ඇත. උඹලා මේ තරුණ පරම්පරාවත් එක්ක සෙල්ලම් දාන්න හදන්න එපා. ශම්මි කියන්නේ සූදුකාරයෙක්. තිලංග සුමතිපාල කියන්නේ සූදුකාරයෙක්, බුකී කාරයෙක්. රොෂාන් මහනාම කියනවනේ මේක තනිකරම සූදු පිටියක් කියලා. ශම්මි කියන කෙනා ඉන්න ඕනේ හිරේ. මම දැක්කා ජනාධිපතිතුමා කියලා තියෙනවා ක්‍රීඩකයින්ගේ විගණනයක් කරන්න කියලා. එහෙම නිව්ස් එකක් දැක්කා. ක්‍රීඩකයින්ගේ නෙමෙයි මුන්ගේ සල්ලි ගනින්න ඕනේ. ක්‍රීඩකයන්ගෙයි, පාලකයන්ගෙයි සියලු දෙනාගේම විගණනයක් කරන්න ඕනේ මුන්ගේ සල්ලි කොයිතරම් තියෙනවද කියලා.මේ රට විකුණලා, මේ රටේ නළු නිළියෝ කියාගන්නා ඝනිකාවෝ උන් එක්ක රටපුරා යනවා.”


 

Post a Comment

0 Comments