Ticker

6/recent/ticker-posts

ඇත්තටම කෑවේ බිත්තර අටයි... මමත් ආසයි නෝර්මල් විදියට කාලා බීලා ඉන්න


ජනප්‍රිය නිළි චුලක්ෂි රණතුංග ගැන ගෙවුණු කාලයේ වඩාත් කතා බහට ලක්වෙන්න ගත්තා.

ඒ නිර්මාණ කාර්යයක් නිසා නම් නෙවෙයි. නිර්මාණයක් රූගත කිරීම් අතරතුරදී ඇය ලබාගත් ආහාර වේල සම්බන්ධයෙන්.

මේ කතාව සමාජ මාධ්‍යයේ කෙතරම් කතා බහට ලක්වුණත්, චුලක්ෂි ඊට ප්‍රති උත්තර දීලා තිබුණෙ නෑ.

ඔන්න ගෙවුණු දවසක ඇය මේ ගැන සෘජුවම මෙයාකාරයෙන් කතාබහ කරලා තිබුණා....

"හිනත් යනවා මට... ඇත්තටම කෑවේ බිත්තර අටයි.

මමත් ආසයි නෝර්මල් විදියට කාලා බීලා ඉන්න. නමුත් මම ඉන්නෙ ඩයට් එක්ක. ඉතින් ඒ ඩයට් එකේ විදියට බිත්තර 10ක් කන්න ඕනි වෙලාවට. කන්න හරි අමාරුයි. බිත්තර තම්බලා කනකොට තියෙන අමාරුව...

ඉතින් ඕකේ කහමද අයින් කරලා සුදුමද විතරයි කන්නෙ.

ඒක නිසා තමයි මම මෙහෙම රැඳිලා ඉන්නෙ.

අමාරුවෙන් තමයි දේවල් කරන්නෙ. මොකද අපිත් ආසයි හරි සාමාන්‍ය විදියට සරල විදියට කන්න. නෝර්මලි ගෙදර ඉන්න දවසට එහෙම කරත් තමන් නිර්මාණයකට ගියාම ඒ ඩිසිප්ලීන් එකේ අපි ඉන්න ඕනි.

ඒ කැප කිරීම මත තමයි පුළුල් තිරයක අපිව දකිද්දි අපේ තියෙන ග්ලැමර් එක පෙන්වන්න යන්නෙ.

මම කියන්නෙ මේ දේවල් ගැන දැනුමක් තියෙන්න ඕනි. ඕනෑම තැනකට ආවාම ඇයි ආර්ටිස්ට් කෙනෙක් එයාට අවශ්‍ය කරන ප්ලෑන් එකක්, මීල් ප්ලෑන් එකක් ඉල්ලන්නෙ. එක එක්කෙනාගේ බොඩිටයිප්ස් වෙනස්.

මං ඒ වෙනකොට කරේ ප්‍රෝටීන් වැඩිපුර ඩයට් එකක්...

ඕනෑම කෙනෙක් දන්නවා, බජට් ඩයට් එක්කට යනවා නම්,,, බිත්තරේක ගාණ ගත්තාම හරි සුළුයි... හරි සැහැල්ලුවෙන් අපිට ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් සහ ප්‍රායෝගිකයි.

මම ඕනෑම වෙලාවකදි ප්‍රඩක්ෂන්වලට යන කොට මං අහන දෙයක්, මට ගිහිල්ලා කෑමක් හදාගන්න පුළුවන්ද කියලා. ඕනම වෙලාවක මම ගෙනියනවා..

මං මිස් ශ්‍රී ලංකා කෙනෙක් වෙලා මේ අද වෙනකල්ම රංගන කටයුතු කරගෙන යන ඕනෑම ප්‍රඩක්ෂන් එක්ක කවුරුත් දන්නවා කොහොමද මම කෑම ගෙනියන්නෙ කියලා...

ඕනෑම ක්ෂේත්‍රයක හරි හැදෑරීමක් තියෙන්න ඕනි. මිනිස්සුන්ට හරි මැජික් එකක් නෙවෙයි.

රංගන ශිල්පියෙක් ශිල්පිනියක් විතරක් නෙවෙයි ඩයට් එක්කට යන්න ඕනි. තමන්ට අවශ්‍ය පෝෂණ ප්‍රමාණය ගන්නවා කියන එක මිනිස්සුන්ට තාම හරි මැජික්.

සමහර වෙලාට බුෆේ එක්ක මොනවා හරි හොඳ කෑමක් තිබුණත් මම කොයිවෙලාවකවත් කන්නෙ නෑ. මගේ ඩිසිප්ලීන් එක මම ඒ විදියට තමයි පවත්වාගෙන යන්නෙ.

ඔවුන්ට ඒ අවකාශය,, අවශ්‍ය කරන දේ ලබා දුන්නොත් තමයි ඔවුන්ට තරු ගුණයෙන් රැඳිලා ඉන්න පුළුවන්. නැත්නම් හරි ඉක්මනටම හරි සාමාන්‍ය කරණය වෙලා එයාව හරි ෆේල් කියන තැනට එන්න පුළුවන්...."



 

Post a Comment

0 Comments